පාසල් ගීතය
සැරද සදා ජය කෙහෙලි නගා
ශ‍්‍රී රතනපාල විදුහල් මෑණී ....
කොටවිල මහ විදුහල් මෑණී ....
සිරස නමා අපි කරනෙමු ඔබ හට
බැති උපහාරය සාදරෙනී....//
ඔබෙ විදු කිරණින් නැණස එක`ඵ කොට
දරුවන් නිජබිම සරු කෙරුවෝ ....
ගුණ දම් රැුකුමෙන් පිරිපුන් හදවත්
තුන් හෙළයම නිති ජය ලැබුවෝ ....
දෑ අභිමානය හද තුළ රන්දා
ඩා බි`දු වගුරා රට නංවා ....
අප විදුහල් මෑණිගේ කිත් නාමය
සුරකිමු පිඹ පිඹ ජය සංඛා ....
සැරද සදා ජය ....
සිහළේ නම ගිය වීර පුතුන්ගෙන්
රුහුණේ ජය සේසත් නංවා ....
බිහිකර දෙනු මැන විදු නැණ බලයෙන්
ස`ද ජයගන්නා හෙළ විරුවෝ ....
දෙස බස රැුස දියුණට නිතිනා
දිවි කැපකළ මෑණියනි සදා ....
ලකඹර රන් ජය දද බන්දා
සිරි වි`ද වි`ද සැරදේ නිතිනා ....
සැරද සදා ජය ....
පබැ`දුම :- විශ‍්‍රාම ලත් විදුහල්පති ජිනදාස හෙට්ටිආරච්චි මහතා
ස්වර රචනය :- විශ‍්‍රාම ලත් සංගීත ගුරු උපදේශක එව්.කේ.ඒ. සෝමදාස මහතා