
සරසවි අසිරි -2022 පුස්තකාල දින වැඩසටහන උත්කර්ෂවත් ආකාරයෙන් 2022 නොවැම්බර් මස 02 දා විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍ය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය නිලන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
තෙමසක් පුරා පැවති පුස්තකාල දින වැඩසටහන් මාලාව ක්‍රියාකාරකම් සහ තරඟ රාශියකින් සමන්විත විය.
- වැඩිම පුස්තකාල පොත් කියවීම.
- පුස්තකාල පොත් වල පිටකවර චිත්‍රයට නැඟීම
- දැනුම මිනුම තරඟ
- නිර්මාණාත්මක කෙටිකතා තරඟය
- නිර්මාණාත්මක කාව්‍ය නිර්මාණ තරඟය
සෑම තරඟ ජයග්‍රහණයක් සඳහා ම ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කෙරිණි.